පාකිස්තාන කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ පළමු එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහුරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 49.5කදි සියලු දෙනා දැවි ලකුණු 305ක් රැස් කිරීමට සමත්විය.
ඒ් අනුව තරගයේ ජයග්රහණය ස ඳහා ශ්රී ලංකාවට ලකුණු 306ක ඉලක්කයක් හිමිවිය. පාකිස්තානය වෙනුවෙන් සල්මන් අගා පන්දු 90 කදි ලකුණු 107ක් රැස් කිරීමට සමත්විය. බාබර් අසාම් ලකුණ 45ක් රැස් කළේය. ශ්රී ලංකාව වෙනුවෙන් ඒ්ෂාන් මාලිංග පන්දුවා 9.5කදී ලකුණු 46ට කඩුලු 4ක් දවා ගැනීමට සමත්විය. මිට අමතරව අසිත ප්රනාන්දු කඩුලු 3ක් හා ඩිල්ෂාන් මධුශංක කඩුලු දෙකක් දවා ගත්හ.
