ලංකාවට ක්‍රිකට් වාර්තාවක් තැබූ දැරියගේ සා.පෙ. ප්‍රතිඵල මෙන්න
ඊයේ (25දා) සවස නිකුත් වූ අ.පො.ස. සා.පෙළ ප්‍රතිඵල වලින් දක්ෂ ලෙස සාමාර්ථ ලබාගත් ක්‍රීඩාවේ දක්ෂ පාසල් සිසු සිසුවියන් කිහිප දෙනෙකුගේම ප්‍රතිඵල වාර්තා වේ.
ඒ් අතරින් ශ්‍රී ලංකා යොවුන් (19 න් පහළ) ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කළ විශ්මි ගුණරත්නගේ ප්‍රතිඵල බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවි ඇත. එහිදී ඇය සියළුම විශයයන් සඳහා ඒ් සාමාර්ථ (ඒ් 9) හිමිකර ගනිමින් අතිවිශිෂ්ඨ ලෙස සාමාන්‍ය පෙළ සමත්වී තිබීම විශේෂත්වයකි.
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ඇය ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ බිහිවූ අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක් ලෙසින්ද හඳුන්වනු ලබයි. ඒ ඇය නිමාවූ 19 න් පහළ අන්තර්පාසල් ක්‍රිකට් තරගාවලියේදී ජයන්තිපුර කණිෂ්ඨ විද්‍යාලයීය කණ්ඩායමට ඒරෙහිව ලකුනු 417 ක් රැස් කිරීමත් සමගිනි. ඒ් සමගින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිමක ලකුනු හාරසියය ඉක්මවූ පළමු ක්‍රීඩිකාව බවට විශ්මි පත්විය.
මෙම වසරේ ජනවාරි මසදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේද ස්ථානය දිනා ගත් ඇය ශ්‍රී ලංකා වෙනුවෙන් එක්දින තරග දෙකකට හා විස්සයි විස්ස තරග 9 කට ක්‍රීඩා කර ඇත.
ඇය මෙම වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කුළුඳුන් 19 න් පහළ කාන්තා ක්‍රිකට් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙසින්ද ක්‍රියා කලාය.
popular news
-
LGPJ Saturday, 26 November 2022 02:05 AM
Further succesful future her. !!!
Reply : 0 0
මෝ Monday, 28 November 2022 04:05 PM
වැඩිය උඩ පනින්න දෙයක් නෑ.10300 කට වඩා A 9 අරං.විබාගෙ බාල්දු වෙච්චි තරම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

