ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල විසි කිරීමේ ක්රීඩා උපකරණවලට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි මුදලක් ලබාදීමට තුර්කි ගුවන්
සේවය ඒක ඟ වී තිබේ.
සිවිල් ගුවන්සේවා නියෝජ්ය අමාත්ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් හා තුර්කි ගුවන් සේවයේ නියෝජිතයින්පිරිසක් අතර පැවැති සාකච්ඡාවකදී මෙම ඒක ඟ තාවට පැමිණ තිබේ.
රුමේෂ් තරංගගේ ක්රීඩා උපකරණවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් තුර්කි ගුවන් සේවයේ නියෝජිතයින් සිය කනගාටුව පළ කර
ඇති අතර අදාළ හානිය පිළිබඳ තක්සේරුවක් සිදුකර, ඒ වෙනුවෙන් රුමේෂ් තරංගට වන්දි මුදලක් ලබාදීමට අවශ්ය කටයුතු
සිදුකිරීමටද ගුවන් සේවය ඒක ඟ වී තිබේ.