යුරෝපා ලැබ්බෝගිනි ශූරතාවට යන්න ඩිලන්න ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලයි
ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව , 2023 යුරෝපා ශූරතා සුපිරි ලැම්බෝගිනි තරගාවලිය සදහා ඉදිරිපත් වන බවත් , ඒ සදහා අවශ්‍ය මුදල් නිහතමානී ශ්‍රී ලාංකිකයන්ගෙන්ල බා ගැනීම සඳහා ප්‍රසංගයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවත් පැවසීය .
ඒ මහතා එසේ පැවසූවේ මීගමුව, ඒත්තුකාළ, ටික් ටොක් හෝටලයේ ඊයේ සවස පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
මෙම 2023 යුරෝපා ශූරතා සුපිරි ලැම්බෝගිනි තරගාවලිය එළඹෙන මැයි මස සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, බෙල්ජියම සහ ස්පාඤ්ඤය යන රටවල තරග 12 ක් පැවැත්වීමට නියමිතය.
එම තරගාවලියේ ජයග්‍රාහකයින් සහ එනම් යුරෝපා ආසියා සහ ඇමෙරිකානු තරගාවලි වල සුපිරි ලැම්බෝගිනි මෝටර් රථ ශූරතා දිනූ ජයග්‍රාහකයින් ඉතාලියේ පවත්වනු ලබන තරග දෙකකින් සමන්විත අවසාන මහා තරගාවලිය සදහා සහභාගී වීමෙන් , ඔවුන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය මත , අවසාන ලෝක ශූර ජයග්‍රාහකයින් තෝරා ගැනීමට නියමිතය .
මෙම තරගාවලිය ඇතුළු වාර්ෂික අනෙකුත් තරගාවලි සදහා සහභාගී වීමට තමන්ට රුපියල් ලක්ෂ 2,000 ත් 2,500 ත් අතර මුදලක් වැය වන බවත්එ යින් තමන් රුපියල් ලක්ෂ 700 ක මුදලක් සොයා ගත යුතු බවත්ඉ තිරි මුදල ලැම්බෝගිනි මෝටර් රථ නිෂ්පාදන සමාගම විසින් තමන්ට ලබා දෙන බවත් පැවසීය .
මෙසේ තමන් විසින් සම්පාදනය කර ගත යුතු මුදල සොයා ගැනීම සදහා එළඹෙන අප්‍රියෙල් 23 දින සවස 05.00 ට විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ දී මෝටර් රථ ප්‍රදර්ශනයක් සහ එදින රාත්‍රී 07.00 ට " රොක් ඇන්ඩ් රේස් " ( Rock And Race ) නමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව ද පැවසීය.
මෙම මෝටර් රථ ප්‍රදර්ශනයට ඩිලන්ත මෝටර් රථ පැදවීම සදහා මුලින්ම බලපත්‍ර ලබා ගත් යතුරු පැදියේ සිට ලෝකයේ ධාවන තරග සදහා ඉදිරිපත් වන සුපිරි මෝටර් රථ එනම් ( ෆෙරාරි , ලැම්බෝගිනි ඇතුළු ) ( Super Racing Car ) ඉදිරිපත් කරනු ලබන අතර , සංගීත ප්‍රසංගය චිත්‍රාල් සෝමපාල , ළහිරු පෙරේරා , උමාරියා , කාංචනා අනුරාධි සහ ජය ශ්‍රී සහභාගී වන අතර ඉන්ෆිනිටි සංගීත කණ්ඩායම සංගීතය සැපයීම සිදු කිරීමට නියමිතය .
මෙම කළාකරුවන් නොමිලේ සහභාගී වෙමින් තමන් වෙත මෙම මුදල සම්පාදනය කර ගැනීමට සහාය වන බව ද ඩිලන්ත මාළගමුව මහතා අනාවරණය කළේය. මේ සදහා ප්‍රවේශ පත්‍ර my tickets .lk වෙබ් අඩවියෙන් හෝ එදින දොරටුවෙන් ලබා ගත හැකි බව ද පැවසීය .
එසේම තමන් වසර 36 ක් තිස්සේ රටවල් 180 ක තරගාවලි සදහා සහභාගී වී ඇති බවත් , එයින් තරග 60 ක් පමණ ජයග්‍රහණය කර ශ්‍රී ලංකා ජාතික ගීය එම රටවල දී වාදනය කිරීමට සළස්වා ඇති බවත් , තම මෝටර් රථ ධාවන තරග සදහා භාවිතා කරන මෝටර් රථයෙහි ලැම්බෝගිනි මෝටර් රථ නිෂ්පාදන සමාගමේ නම සහ ශ්‍රී ලංකා ජාතික කොඩිය සමග අනුග්‍රහය " නිහතමානී ශ්‍රී ලාංකිකයන් " යනුවෙන් පමණක් සදහන් කර ඇති බවත් පැවසීය .
තමන් සපුරා ගැනීමට අපේක්ෂිත බලාපොරොත්තු කීපයක් ඇති බවත් , ඒවා අතර මෙම සුපිරි ලැම්බෝගිනි ලෝක ශූරතාවය දෙතුන් වතාවක් දිනා ගැනීම , World Endurance Championship තරගාවලියේ ලෝක ශූරතාවය දිනා ගැනීම සහ මෙතෙක් දිනා නොගත් තරගාවලි කීපයක් ජයග්‍රහණය කිරීම ඒ අතර වන බව ද පැවසීය.

popular news
-
Kumar Thursday, 20 April 2023 01:37 AM
mama sithuwe lankawe lanbogini surayo rajapaksala kiyala. esay nathinam kehemalatada kotuwe siyaluma karybbeyala waruwen wasa dama rajapaksala lambogini thragayak thibbey.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

