යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ඉදිරියට කරගෙන යන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම කරුණ සඳහන් කළේය.
යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු නතර කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවද ඔහු අවධාරණය කළේය. ඕනෑම ඉදිකිරීම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී සම්පූර්ණ කළ යුතු පරිසර සහ ශක්‍යතා වාර්තා ඇතුළු අදාළ වාර්තා පවතින අතර, එම නියමිත ක්‍රියාවලියන් අනුගමනය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.