මේ වසරේ LPL තරගාවලිය නෑ
මුලින් සැලසුම් කළ පරිදි 2025 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය මෙම වසරේ නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
2026 පෙබරවාරි සිට මාර්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සත්කාරකත්වය දරන 2026 ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා හොඳින් සූදානම් වීමේ පුළුල් අවශ්‍යතාව හොඳින් සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මාර්ගෝපදේශයන්ට අනුව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත කණ්ඩායම්
20 ක ඉසව්ව සඳහා සියලුම සත්කාරක ස්ථාන ප්‍රධාන ජාත්‍යන්තර තරඟයක ඉල්ලීම් සපුරාලීම සඳහා පරිපූර්ණ
තත්ත්වයේ තිබිය යුතුව ඇතැයි ක්‍රිකට් ආයතනය පවසයි.
ඒ අනුව, ලෝක කුසලානයට පෙර පුළුල් ක්‍රීඩාංගණ සූදානම සහතික කිරීම කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින්,
2025 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වඩාත් සුදුසු ස්ථානයකට මාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
මෙම තීරණය රට තුළ සාර්ථක තරඟාවලියක් පැවැත්වීම සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම
සඳහා කටයුතු කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාස කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

