මැතිව්ස් යළි ක්රිකට් පිටියට
ශ්රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් යළි ක්රිකට් පිටියට පිවිසීමට තීරණය කර ඇත.
ඔහු විසින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයට ඊයේ(10) දැනුම් දී ඇත්තේ තමා ඉදිරි තරගාවලි වෙනුවෙන් ක්රීඩා කිරීමට සූදානමින් පසුවන බවටයි.
තමාව ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙසට ඔහු පසුගිය ජූලි මාසයේ දී ක්රිකට් ආයතනයට දන්වා තිබුණා.
නැවත දැනුම් දෙන තුරු පෞද්ගලික හේතූන් මත මැතිව්ස් එම ඉල්ලීම සිදු කර තිබූ බව ක්රිකට් ආයතනය සදහන් කර සිටියි.
ඒ අනුව ලබන 27 වනදා ආරම්භ වන දේශීය තරග වාරය සදහා ඔහු කොල්ට්ස් ක්රිකට් සමාජය වෙනුවෙන් ක්රීඩා කරනු ඇත.
එමෙන්ම නොවැම්බර් මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා ද, එළඹෙන ලංකා ප්රිමියර් ලීග් තරගාවලිය සදහා ද ක්රීඩා කිරීමට මැතිව්ස් මේ වන විට සූදානමින් පසුවන බව සදහන් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.