පුහුණුකරුවෙක් ලෙස තම කොන්ත්‍රාත්තුව මේ වසරේ ජුලි මස දක්වා ඇති බවත් පුහුණුකරු ධුරය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කළ යුුතුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පවසයි.
තමන් පුහුණුකරු ධුරය වෙනත් අයෙකුට දිය යුතු බවට සිතා ඇති බවත් නිමා වූ එංගලන්ත තරගාවලියේදී තමන් ඒ බව සඳහන් කළ බවත් ඊයේ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පැවැසීය.
පුහුණුකරුවෙක් ලෙස තමන් ලෝක කුසලානය හොඳ තත්ත්වයකින් අවසන් කිරීමට සිතාගෙන සිටියත් එය සිදු නොවුණ බවද සනත් කීය.
කෙසේ වෙතත් එක්දින, ටෙස්ට් හා විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලදි තමන්ට හැකි පරිදි ඉදිරියට ගෙන ආ බවද ඔහු පැවැසීය. තම සහායක කණ්ඩායම ඒ සඳහා විශාල සහායක් ලබාදුන් බවද සනත් පැවැසිය.