බීමතින් රිය පැදවූවාට වෝනර් වරද පිළිගනියි
සිඩ්නි නුවරදී අප්‍රේල් මාසයේ සිදු කළ අහඹු හුස්ම පරීක්ෂාවකින් (breath test) අනතුරුව බීමත්ව රිය පැදවිමේ
චෝදනා ලැබූ ඕස්ට්‍රේලියානු හිටපු පිතිකරු ඩේවිඩ් වෝනර් එම වරද පිළිගෙන තිබේ.
මැයි මාසයේ පැවති අධිකරණ විභාගයකින් පසු ඔහුගේ නීතිඥ බොබී හිල් ප්‍රකාශ කර තිබුණේ, මෙම ක්‍රිකට් ක්‍රීඩකයා තම
වරද පිළිගන්නා බවත්, තමාගේ හැසිරීම "මෝඩ" සහ "වගකීම් විරහිත" එකක් බව ඔහු දන්නා බවත්ය.
පාස්කු ඉරිදා දිනයේ තම මෝටර් රථයට නැගීමට පෙර මිතුරෙකුගේ නිවසේදී වෝනර් වයින් වීදුරු තුනක් පානය කර
තිබූ බව හිල් පෙර විභාගයේදී සඳහන් කළේය.
ඔහුට දඬුවම් නියම කිරීම අගෝස්තු 18 වන දිනට නියම කර ඇති අතර, එහිදී අවම වශයෙන් මාස හයක කාලයක් රිය
පැදවීමේ අයිතිය අත්හිටුවීමටත්, ඕස්ට්‍රේලියානු ඩොලර් 2,200ක් (ඇමරිකානු ඩොලර් 1,500ක් හෝ බ්‍රිතාන්‍ය පවුම්
1,150ක්) දක්වා දඩයකට සහ මාස නවයක් දක්වා සිර දඬුවමකට යටත් වීමටත් ඔහුට සිදුවිය හැකිය.
2024 දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් වෝනර්, දැනට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 'කරාචි
කිංග්ස්' (Karachi Kings) කණ්ඩායමේ මෙන්ම 'සිඩ්නි තන්ඩර්' (Sydney Thunder) කණ්ඩායමේද
නායකයා ලෙස කටයුතු කරයි.
අප්‍රේල් මාසයේදී ඔහුට චෝදනා එල්ල වූ අවස්ථාවේදී 'ක්‍රිකට් NSW' (Cricket NSW) හි ප්‍රධාන විධායක නිලධාරී
ලී ජර්මන් ප්‍රකාශ කළේ, එම චෝදනා "කනස්සල්ලට කරුණක්" බවත් ආයතනය ඒවා "ඉතා බැරෑරුම් ලෙස" සලකන බවත්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
