බීජින් නුවර ක්‍රීඩා කටයුතු වහාම අත්හිටුවයි
- 13 06 2020
- 21:18
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
බීජිං (ෂින්හුවා) - බීජිංහි ක්‍රීඩා තරග පැවැත්වීම වහාම නවත්වමි නාගරික ක්‍රීඩා තරඟ පරිපාලන මධ්‍යස්ථානය සිකුරාදා රාත්‍රියේ නිවේදනයක් නිකුත් කළේය.
සිකුරාදා බීජිං හි COVID-19 ආසාදිතයන් දෙදෙනෙක් වාර්තාවිමත් සමග මෙම තීරණය ගෙන තිබේ.
“බීජිං හි වසංගත වැළැක්වීමේ හා පාලනය කිරීමේ තත්වයේ වෙනස්වීම් හේතුවෙන්, ජනතාවගේ සංචලතාව සහ එක්රැස්වීම් නිසා ඇති වන අවදානම් අවම කිරීම සහ ජනතාවගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙතැන් සිට නගරයේ සියලු ආකාරයේ ක්‍රීඩා ඉසව් අත්හිටුවනු ඇත” නාගරික ක්‍රීඩා තරග පරිපාලන මධ්‍යස්ථානය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
