2025 අයි.පී.එල්. තරගාවලියේ ඉදිරි තරග සඳහා ශ්රී ලංකාවේ කඩුලු රකින ක්රීඩක කුසල් මෙන්ඩිස් එක්වන බව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තහවුරු කර තිබේ.
එම කණ්ඩායම ක්රීඩා කළ ජොස් බට්ලර් ඉදිරි තරග සඳහා ක්රීඩා කිරීමට නොපැමිණීම හේතුවෙන් මෙම තීරනය ගෙන ඇත.
අයි.පී.එල් තරගාවලිය ඉන්දු-පාකිස්තාන ගැටුම් හේතුවෙන් අත්හිටුවීමට පියවර ගත් අතර, එම තරගාවලිය යළි අනිද්දා (17දා) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.