ආසියානු කුසාලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා හොංකොං කණ්ඩායම අතර පැවැති තරගයේශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කිහිපයක් අලුත් කිරීමට ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත්විය.
ඒ් අනුව විස්සයි20 ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවා ලෙස පැතුම් වාර්තා අතරට ඒක්විය.ඔහු මෙම තරගයේදී ලකුණු 68ක් රැස් කළ අතර ඒ් අනුව ඔහුගේ නම ඉදිරියේ අර්ධ ශතක 17ක් සටහන් වෙයි.
ආසියානු කුසලාන විස්සයි20 තරග තුලදී පැතුම් මේ වන විට අර්ධ ශතක 4ක් රැස් කර ඇති අතර ඒය ඒම තරගාවලි ඉතිහාසය තුළ වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් රැස් කර ඇති ඉන්දීය පිතිකරු විරාත් කෝලිට සම වීමකි.
කෝලි ඉනිම 10කදී මෙම දක්ෂතාව දක්වා ඇතත් පැතුම් ඒ් වෙනුවෙන් වැය කර ඇත්තේ ඉනිම 8ක් පමණි. ඒසේම පැතුම්ට විරාත් කෝලිව ඉතාමත්ම පහසුවෙන් පසුකර යාමට අවස්ථාව මේ වන විට නිර්මාණය වී තිබේ.
