ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දෙවන දිනය සඳහා වන තරගය අද(12දා) පැවැත්වීමට නියමිතව තිබේ.
පළමු දිනය සඳහා පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පළමු ඉනිමට පන්දුවාර 22ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 43ක් ලබා සිටියේය.
පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක් ලකුණු 10ට කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බව්මාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස් කළේය.
එහිදී බොවූ වෙබ්ස්ටර් ලකුණු 72ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 66ක් රැස් කළහ.
පන්දු යැවීමේදී කගිසෝ රබාඩා ලකුණු 51ට කඩුලු 5ක් සහ මාර්කෝ ජැන්සෙන් ලකුණු 49ට කඩුලු 3ක් බිඳ දැමීමට සමත් විය.
ඒ අනුව ඔස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා දකුණු අප්‍රිකා කණ්ඩායම තවත් ලකුණු 169ක් පිටුපසින් පසුවන්නේය.
මේ අතර ඊයේ(11දා) දිනය පන්දු යවන්නන්ට යෝග්‍ය වූ අතර, එහිදී කණ්ඩායම් දෙකේම පන්දුවයන්නන් පළමු දිනය තුළ 14ක් බිඳ හෙලීමට සමත් විය.