ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 295ක ජයක් අත් කරගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(25දා) සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 150ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 104ක් රැස් කළහ.
අනතුරුව නැවතත් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම දෙවන ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 487ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.
ඒ අනුව ලකුණු 534ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 238ක් පමණී.
තරගයේ වීරයා සම්මානය නායක ජස්ප්‍රිට් බුම්රාට හිමි විය.