ධනුෂ්ක නැවතත් ක්‍රිකට් පුහුණුවීම් අරඹන බව කියයි
ඕස්ට්‍රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (03දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ධනුෂ්ක ගුණතිලක සමග ඔහුගේ පෙම්වතිය ලෙස සැලකෙන තරුණිය මෙන්ම ඔහුගේ කලමනාකරුද මෙසේ ඔස්ට්‍රේලියාවේ සිට පැමිණ සිටියහ.
ඔවුන් 10/03 දින රාත්‍රී 10.55 ට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 607 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක මෙම මාස එකොළහක කාළය තුළ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ තමා සමග සිටි සියලු දෙනාටම ස්තුතිය පිරිනමන බව පැවසීය .
එසේම මෙම කාළය තුළ ඉවසීමෙන් සිටීමට ක්‍රිකට් මගින් ලද පුරුදු පුහුණු කිරීම් මෙන්ම එයින් ලද ආභාසය ද ඉවහල් වූ බව පැවසීය.
එමෙන්ම තමන් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කිරීම සඳහා අවශ්‍ය පුහුණු වීම් වල නිරත වීමට කටයුතු කරන බව ද ධනුෂ්ක ගුණතිලක වැඩිදුරටත් පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

