දෙවැනි විස්සයි20 තරගය ලංකාව ලකුණු 37කින් ජය ගනියි
සත්කාරක කොදෙව් කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 37කින් ජයග්රහණය කිරීමට සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. කිංග්ස්ටන් පිටියේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 6ට ලකුණු 194ක් රැස් කිරීමට සමත්විය.
ඒහිදී ශ්රී ලංකාව වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරත වූ කමින් මිශාර පන්දු 40කදි නොදැවී ලකුණු 61ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර තුනක් හා හයේ පහර දෙකක් ඇතුළත් විය.
ඊට අමතරව ශ්රී ලංකා ඉනිමේ සුවිශේෂිම ඉනිම ක්රීඩා කළ දසුන් ශානක පන්දු 24කදී ලකුණු 58ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 4ක් හ හතරේ පහරවල් 5ක් ඇතුළත් විය. නායක කුසල් මෙන්ඩිස් පන්දු 19කදි ලකුණු 31ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවි රැස් කළ හැකි වූයේ ලකුණු 157ක් පමණි. ශිම්රන් හෙට්මයර් ලකුණු 36ක් හා රොව්මන් පවෙල් ලකුණු 43ක් රැස් කළේය.
ශ්රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් දුෂ්මන්ත චමිර ලකුණු9ට කඩුලු 3ක් හා වනිදු හසරංග ලකුණු 38ට කඩුලු 3ක් දවාගත්තේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

