බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගය අද (3) ඇන්ටිගුවාවේ නෝර්ත් සවුන්ඩ්හි ශ්රීමත් විවියන් රිචඩ්ස් ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
දෙපිල අතර පළමු තරගයෙන් කොදෙව් පිල ඉනිමක දැවැන්ත ජයක් වාර්තා කරමින් මේ වන විට 1-0ක් තරගාවලියේ වාසිය දැනටමත් තමන් සතුකරගන සිටී. ඒ හේතුවෙන් මේ තරගය ජය ගනිමින් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොර කර ගැනීම ශ්රී ලංකා කණ්ඩායමේ එකම අරමුණ වී තිබේ. මේ තරගාවලිය අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් බැවින් යළිත් ජයග්රහණයකින් ශ්රී ලංකා පිලට ප්රසාද ලකුණු සටහනේ ඉහළ නැඟීමේ අවස්ථාව උදා වනු ඇත.
කොදෙව් පිල අවසන් වරට ශ්රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයගෙන ඇත්තේ 2003 වසරේදීය. අනතුරුව පැවති තරගාවලි 7න් 3ක් ශ්රී ලංකාව ජයගෙන ඇති අතර, 4ක් ජය පරාජයෙන් තොරව නිමා වී ඇත.
