තම පියාගේ අභාවයට එක්වූ දුනිත් වෙල්ලාලගේ අද රාත්රී නැවතත් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිත බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි.
ආසියානු කුසලාන තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථානය අතර ඊයේ පැවැති තරගය ශ්රී ලංකාවේ සිට නරඹමින් සිටියදී දුනිත්ගේ පියා අභාවප්රාප්ත විය.
සිය පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අද පෙරවරුවේ දුනිත් ලංකාවට පැමිණියේය. කෙසේ වෙතත් දුනිත් අද රාත්රී නැවතත් අබුඩාබි වෙත ගොස් ශ්රී ලංකා කණ්ඩායම සමගින් එක්වීමට නියමිතය.
ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගය හෙට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතය.