ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටය ආරම්භ කරමින් ශ්රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයට තුන් ඉරියව් ක්රීඩක දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබේ.
ශ්රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පසුගිය (18දා) තරගය ක්රියාත්මක වෙමින් සිටියදී එම තරගය ශ්රී ලංකාවේ සිට නරඹමින් සිටි දුනිත්ගේ පියා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.
ඒ අනුව තම පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දුනිත් ඊයේ දින පෙරවරුවේ අබුඩාබි සිට ශ්රී ලංකාවට පැමිණ අතර පසුව ඊයේ රාත්රි යළිත් ලංකාවේ සිට අබුඩාබි වෙත ගොස් කණ්ඩායම සමගින් එක්විය. ඒ අනුව දුනිත් අද තරගයට කැඳවීමටද කටයුතු කර තිබේ.
තරගයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ ඇරයුමෙන් ශ්රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවට පහර දෙමින් සිටියි.