දැඩි ආරක්ෂාවක් යටතේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලංකාවට
ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියක් සඳහා එක්වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
පකිස්තාන ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ සිටියහ. ඔවුන් 07/09 දින උදෑසන 09.00 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ කොළඹ එස්.එස්.සී.ක්‍රිකට් පිටියේ දී මෙම ටෙස්ට් තරග දෙක පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
මොවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඉන් පිටත ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

