දසුන්ට අවස්ථාව දීම ගැන රෝහිත් කී දේ
දසුන් ශානක ඊයේ තරගයේදී පන්දුවට පහරදුන් ආකාරය විශිෂ්ඨ බවත් ඔහුව දවා ගැනීමට අවශ්‍ය වූයේ සැලසුම් කර තිබූ අයුරින් බවත් ඉන්දීය නායක රෝහිත් ශර්මා පවසයි.
ඉන්දීය පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශාමි විසින් දසුන් ශානකව පන්දු යවන්නාගේ අන්තයෙන් දුවද්දී දැවී යාමකට ('Mankading') හසුකර ගැනීමට කටයුතු කළ අතර පසුව එම ඉල්ලීම රෝහිත් ශර්මා විසින් ඉවත් කරනු ලැබීය.
මේ පිළිබඳව තරගයෙන් අනතුරුව රෝහිත් අදහස් දැක්වූ අතර එවැනි ආකාරයේ දැවී යාමක් ලබා ගැනීමට කණ්ඩායම සූදානම් නොවූ බව පැවැසිය.
"ශාමි එහෙම කිරීම ගැන මට අදහසක් නෑ. ඔහු අභියාචනයකට ගිය ඔහු (ශානක) ලකුණු 98 ක් ලබා පන්දුවට පහර දෙමින් සිටියේ. ඔහු පන්දුවට පහර දුන් ආකාරය විශිෂ්ටයි. අපි එය ඔහුට දිය යුතුයි. අපිට එයාව එහෙම අවුට් කරන්න බෑ. අපිට ඕන වුණේ අපි එයාව අවුට් කරනවා කියපු ආකාරයට අවුට් කරන්න. ඒත් ඒක අපි හිතලා කරපු දෙයක් නෙවෙයි. දසුන්ට සුභ පැතුම්, ඔහු ඉතා හොඳින් ක්‍රීඩා කළා,"
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
