දකුණු ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය දිනූ පුංචි වීරයෝ එති
නේපාලයේ පැවති දෙවන දකුණු ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්රී ලංකා කණ්ඩායම එහි වයස අවුරුදු 15 න් පහළ සහ වයස අවුරුදු 17 පහළ කණ්ඩායම් ශූරතා දිනා ගනිමින් ඒවාට හිමි රන් පදක්කම් මෙන්ම කේවළ තරග ඉසව් වලදී රන් පදක්කම් 07 , රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 03 දිනා ගෙන 08/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය නේපාලයේ කත්මණ්ඩු නුවර ඉකුත් 08/18 දින සිට 08/22 දින දක්වා පවත්වා තිබුණි . මෙම පදක්කම් දිනූ ශ්රී ලංකා කණ්ඩායම 08/24 දින අලුයම 01.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 283 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා මෙම සිසු දරුවන්ගේ දෙමාපියන් , ඔවුන් ඉගෙනුම ලබන පාසැල් වල ගුරුභවතුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

popular news
-
ahamed Friday, 25 August 2023 05:17 AM
CONGRATS GUYS !!! KEEP IT UP
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

