ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකාව කඩුලු 5ට ලකුණු 121ක් රැස්කරගෙන සිටියේය. ඒ පළමු ඉණිමට ඔස්ට්‍රේලියානුවන් රැස්කළ ලකුණු 212ට පිලිතුරු ලෙසයි.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායක බවුමා පන්දු 84දී එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 36ක් රැස්කළේය. නොදැවී කඩුල්ලේ රැදී සිටින ඩේවිඩ් පන්දු 95දී හතරේ පහර 6ක් සමග ලකුණු 39ක් සහ කඩුලු රකින ක්‍රීඩක කේලී පන්දු 30දී ලකුණු 11ක් රැස්කරගෙන සිටිති. නායක බවුමා සහ ඩේවිඩ් එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 64ක සබඳතාවක් ගොඩ නැගුවේය. පළමු දිනය අවසන්වන විට කඩුලු 4ට දකුණු අප්‍රිකාවට රැස්කරගත හැකිවූයේ ලකුණු 43ක් පමණයි.