විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ නේපාලයට එරෙහිව පැවති තියුණු තරගයකින් පසු එංගලන්තය ලකුණු 4 කින් තරගය ජයග්රහණය කිරීමට අද (08දා) සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 184ක් රැස් කළේය.
ඊට පිළිතුරු ඉනිම ක්රීඩා කළ නේපාලයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 180ක් පමණී.