කුසල් ජනිත් පෙරේරාගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියේ අවසන් මහා තරගය ජයග්රහණය කිරීමට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම ඊයේ සමත් විය.
එහිදී ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 06 පරාජයට පත් කිරීමට ලාහෝර් කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 201ක් රැස් කළේය.
එහිදී හසන් නවාස් පන්දු 43දී ලකුණු 76ක් සහ අවිශ්ක ප්රනාන්දු පන්දු 22දී ලකුණු 29ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 24ට කඩුලු 3ක් සහ හැරිස් රවුෆ් ලකුණු 41ට කඩුලු 2ක් දවා ගනු ලැබිණි.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 204ක් ලබා ගනිමින් තරගය ජයග්රහණය කළේය.
එහිදී අගනා ඉනිමක් ක්රීඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 31දී නොදැවී ලකුණු 62ක් සහ මොහොමඩ් නයීම් පන්දු 27දී ලකුණු 46ක් රැස් කිරීමට සමත් විය.
මේ අනුව තරගයේ වීරයා සම්මානය කුසල් ජනිත් පෙරේරා දිනාගත් අතර, තරගාවලියේ වීරයා සම්මානය හසන් නවාස් දිනා ගත්තේය.