කුමාර් ධර්මසේනට ශ්රී ලංකාව ඔසවා තැබීමේ අවස්ථාවක්
ශ්රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්රිකට් ක්රීඩකයෙකු මෙන්ම වත්මන් සුපිරි ක්රිකට් විනිසුරුවරයෙකු වූ කුමාර් ධර්මසේන මහතා මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන්මහා තරගයේ ප්රධාන විනිසුරුවරයෙකු ලෙසින් අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය (අයි.සී.සී.) නම් කොට ඇත.
ධර්මසේන මීට පෙර 2015 හා 2019 එක්දින ලෝක කුසලාන ද්විත්වයේ මෙන්ම 2016, විස්සයි විස්ස ලෝක කුසලාන අවසන්මහා තරගයේදීත් පිටියේ විනිසුරු ලෙසින් ක්රියා කොට ඇත.
ඒමෙන්ම ඒක්දින ලෝක කුසලානයක් ක්රීඩා කළ හා විනිශ්චය කළ ලොක ඒකම පුද්ගලයා ලෙසින්ද ධර්මසේන මේ වන විට වාර්තාවක් තබා අවසන්ය.
අනිද්දා 13දා මෙල්බර්න් හිදී පැවැත්වෙන මෙම අවසන්මහා තරගයේදී ශ්රී ලංකාවට තවත් කීර්තියක් අත්කරමින් තරග තීරකවයරයා ලෙස ශ්රී ලංකාවේ රන්ජන් මඩුගල්ල මහතා ක්රියා කිරීමට නියමිතය.
popular news
- 
                            
samson de silva Saturday, 12 November 2022 04:01 AM
Ehemawath balamu rata osawaa thiyanna puluwanda kiyalaa! Nethnam lokaye hemathenama hondatama peechan welaa inne. Hema ekaagenma hingaa kaalaa rata bankoloth kiyalaa mulu lokayama dannawaa.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                