කාසියේ වාසිය චෙන්නායිට- අදත් වර්ෂාවක පුරෝකථන
චෙන්නායි සුපර් කිංග්ස් හා ගුජරාට් ටයිටන්ස් අතර පැවැත්වෙන අයි.පී.එල්. අවසන්මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය. මෙය චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි සහභාගි වන 250 වැනි අයි.පී.එල්. තරගාය වන අතර එම කඩඉමට ලගා වූ පළමු ක්‍රීඩකයාද වන්නේ ඔහුයි.
ඊයේ (28දා) පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගය වර්ෂාව හේකුවෙන් එදින පැවැත්වීමට නොහැකි විය. අද (29දා) දිනයේදීද තරගය පැවැත්වෙන අහ්මදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය අවට රාත්රියේදී වර්ෂාව ඇතිවිය හැකි බව පුරෝකථනය කර ඇති අතර එය රාත්‍රි 8.00 සිට 10.00 දක්වා ඇතිවිය හැකි බව පුරෝකථනය කර ඇත. යම් හෙයකින් අද දිනයේදීද තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුවහොත් තරගාවලියේ මූලික වටයේ ප්‍රසාද ලකුනු සටහනේ ඉදිරියෙන් සිටි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට තරගාවලියේ ශූරතාව හිමිවනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

