ඔස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් විස්සයි20 තරගවලින් විශ්‍රාම යන බව නිවේදනය කර තිබේ. ලබන වසරේ අග භාගයේ සිට ඕස්ට්‍රේලියාවේ කාර්ය බහුල ටෙස්ට් තරග කාල සටහන හා 2027 එක්දින ලෝක කුසලානයට ප්‍රමුඛතාවය දීම සඳහා ඔහු මෙම තීරණය ගෙන තිබේ.
35 හැවිරිදි ස්ටාර්ක් 2012 දී සිය මංගල විස්සයි20 තරගයට ක්‍රීඩා කළ අතර මේ දක්වා විස්සයි20 තරග 65 ක් ක්‍රීඩා කර ඇති අතර 2021 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි20 ලෝක කුසලානය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයෙක්ද වෙයි.
ඔහු අවසන් වරට 2024 දී කැරිබියන් හි පැවති විස්සයි ලෝක කුසලානයට ක්‍රීඩා කළ අතර තවත් මාස හයකින් ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානයට පෙර ඔහු මෙම තීරණය ගැනීම කැපී පෙනෙයි.
සිය තරග 65 තුළදී විස්සයි20 කඩුලු 79 දවාගෙන ඇති ස්ටාක් 2022 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 20 කට කඩුලු 4 ක් දවා ගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම වෙයි.
2026 මැද භාගයේ සිට ඕස්ට්‍රේලියාව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ කාර්යබහුල ගමනකට මුහුණ දෙයි, එනම් බංග්ලාදේශයට එරෙහිව ස්වදේශීය තරගාවලියක්, දකුණු අප්‍රිකානු සංචාරයක්, නවසීලන්තයට එරෙහිව තරග හතරක තරගාවලියක්, 2027 ජනවාරි මාසයේදී ඉන්දියාවේ දී ටෙස්ට් තරග පහක්, MCG හිදී එංගලන්තයට එරෙහිව 150 වන සංවත්සර තරගය සහ පසුව 2027 මැද භාගයේදී අළු බඳුන තරගාවලියද වෙයි.
දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාවේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලානය 2027 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත අතර ඕස්ට්‍රේලියාව එහි වත්මන් ශූරයන් වෙයි.