පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ සිම්බාබ්වේ කණ්ඩායම හා ඕමානය අතර පැවැති තරගයෙන් කඩුලු අටක පහසු ජයක් වාර්තා කිරිමට සිම්බාබ්වේ කණ්ඩයම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕමානයට සියලු දෙනා දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 103ක් පමණි. පිළිතුරු ඉනිම ක්රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 13.3කදී කඩුලු 2ක් දැවී ලකුණු 106ක් රැස් කරමින් තරගය ජය ගත්තේය. තරගය කොළඹ එස්.එස්.සී. පිටියේදි පැවැත්විණ.
