ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය අද(11දා) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බව්මාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස් කළේය.
එහිදී බොවූ වෙබ්ස්ටර් ලකුණු 72ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 66ක් රැස් කළහ.
පන්දු යැවීමේදී කගිසෝ රබාඩා ලකුණු 51ට කඩුලු 5ක් සහ මාර්කෝ ජැන්සෙන් ලකුණු 49ට කඩුලු 3ක් බිඳ දැමීමට සමත් විය.