විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්ත කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර සුපිරි අට දෙනාගේ වටයේ පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 146ට සිමා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ පිලා සෝල්ට් පන්දු 40කදි ලකුණු 66ක් රැස් කළේය. ශ්රී ලංකා පන්දු යවන්නන් අද දිනයේදී සාර්ථකව සිය රාජකාරි කළ අතර දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 4දී ලකුණු 26ට කඩුලු 3ක් දවා ලීය.
මීට අමතරව ඩිල්ෂාන් මධුශංක 25/2 හා මහීෂ් තීක්ෂණ 21/2ක් ලෙස සිය පන්දුවාර 4 නිමා කළහ.