එංගලන්තයේදී අතුරුදන් වූ දෙදෙනෙක් සොයා ගනියි
බර්මින්හැම් හි පැවත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීයි ක්‍රීඩා උළෙලේදී අතුරුදන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් අතරින් දෙදෙනෙක් සොයාගැනීමට බටහිර මිඩ්ලන්ඩ්ස් පොලීසිය සමත්ව තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මල්ලවපොර ක්‍රීඩකයෙකු, ජූඩෝ ක්‍රීඩකයෙකු සහ ජූඩෝ පුහුණුකරුවෙකු සඳුදා සිට අතුරුදන්ව සිටි අතර පසුව ඒ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය විසින් එංගලන්ත පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.
මෙම පුද්ගලයන්ගේ විදෙස් ගමන් බලපත්‍ර විදේශ ගමන් බලපත්‍ර ඔවුන් කණ්ඩායම් කළමණාරිත්වයට භර දී තිබුණ බැවින් ඔවුන්ට එක්සත් රාජධානියේ දේශසීමා හරහා ගමන් කිරීමට නොහැකි වෙයි.
"අවුරුදු 30 ක කාන්තාවක් සහ 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සොයාගෙන තිබෙනවා. තවත් පුද්ගලයෙක් අතුරුදන් වෙලා තිබෙනවා. ඔහු සොයා ගැනීමට පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා." යැයි මිඩ්ලෑන්ඩ් පොලීසිය කියයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 161 දෙනෙකුගෙන් සහ පුහුණු කාර්ය මණ්ඩලයකින් සමන්විත වන අතර ඔවුන් එක් අයෙකුට ක්‍රීඩා උළෙලට පෙර රජය විසින් සම්මත දින 180 වීසා බලපත්‍ර ලබා දෙන ලදී.
popular news
-
janahitha Sunday, 07 August 2022 03:33 AM
Onna okayi thathve
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

