මිනුවන්ගොඩ පොලිස් වසමේ අළුතැපොල ප්රදේශයේ ක්රීඩා පිටියක ක්රිකට් තරඟයක් අතරතුර ඊයේ සවස් කාලයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී, මියගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. මරණකරු වයස අවුරුදු 41 ක් වූ පළුගහවෙල, කටුවැල්ලේගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
තරඟය අතරතුර උඩපන්දුවක් රැකීමට යෑමේදී දෙදෙනෙකු එකිනෙකාගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෘත ශරීරය මිනුවන්ගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.