විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැති වඩාත් උද්වේගකරම තරගය වූ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 61ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 175/6ක් රැස් කළ අතර පාකිස්තානයට රැස් කළ හැකිවූයේ ලකුණු 114ක් පමණි. මෙම ජයත් සමගින් ඉන්දියාව සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.
