මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මේ සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හැර දමා තිබේ.
මෙම තරගාවලිය ඇෆ්ගනිස්ථානයේ සත්කාරකත්වය යටතේ පැවැත්විමට නියමිතව තිබේ. මාර්ත 13, 15 සහ 17 යන දිනවල සාජාහිදී T20 ජාත්‍යන්තර තරඟ තුනක් සහ මාර්තු 20, 22 සහ 25 යන දිනවල ඩුබායිහිදී එක්දින ජාත්‍යන්තර තරඟ තුනක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.