ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහරදෙයි - දුනිත් හා අසිත කණ්ඩායමට
සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි.
අද තරගයේදී ශ්රී ලංකා කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් හා ළහිරු කුමාර වෙනුවට දුනිත් වෙල්ලාලගේ හා අසිත ප්රනාන්දු කණ්ඩායමට කැඳවා ඇත. ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ වේගපන්දු යවන ක්රීඩක යමීන් අහ්මදාසි වෙනුවටට තවමත් එක්දින වරම් දිනා නොමැති වමත් දඟපන්දු යවන ක්රීඩක නූර් අහ්මඩ් කණ්ඩායමට කැඳවා ඇත.
ශ්රී ලංකා කණ්ඩායම
පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, චරිත්අසලංක, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, අසිත ප්රනාන්දු, කසුන් රාජිත
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම
ඊබ්රහිම් සද්රාන්, රහ්මතුල්ලා ගුර්බාස්, හෂ්මතුල්ලා ෂාහිදි (නායක), නජිබුල්ලා සද්රාන්, මොහොමඩ් නබි, රහ්මත් ෂා, ගුලාබ්දින් නායිබ්, රෂිඩ් ඛාන්, මුජීබ් උර් රෙහෙමාන්, නූර් අහ්මඩ්, ෆසල්හක් ෆරූකි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

