ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලියට මතීෂට කැඳවීමක්
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කළ 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට මෙවර අයි.පී.එල්. තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ක්‍රීඩක මතීෂ පතිරණ නම් කර තිබේ.
එසේම ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න කණ්ඩායමට කඇඳවා ඇති අතර නවක ක්‍රීඩාක දුෂාන් හේමන්තටද කැඳවීමක් ලැබී තිබේ.
ආබාධයකට ලක්ව සිටි දුෂ්මන්ත චමීරද කණ්ඩායමට කැඳවා තිබේ. වනිඳු හසරංග කණ්ඩායමට නම්ව තිබුණත් ඔහු තරගාවලියට ක්‍රීඩා කිරීම වෛද්‍ය නිර්දේශ අනුව සිදුවෙනු ඇතැයි ක්‍රිකට් ආයතනය පවසයි.
නවසීලන්ත තරගාවලියේදී ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාට මෙම තරගාවලිය අහිමි වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම - දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් (උප නායක/ කඩුලු රකින්නා), ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), චාමික කරුණාරත්න, දුෂාන් හේමන්ත, වනිඳු හසරංග, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

