විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද (8දා) සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් රැස් කළේය.
එහිදී ගුලාබ්දීන් නබී 63ක් රැස් කළ අතර, පන්දුයැවීමේදී ලොකී ෆර්ගසන් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් විය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 183ක් ලබා ගනිමින් තරගය ජයග්රහණය කළේය.