එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් පාපන්දු ලෝක කුසාලාන තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසිමට ආජන්ටිනා කණ්ඩායම සමත්විය. ඒ් අනුව වත්මන් ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායම පිට පිටම දෙවැනි වතාවටත් පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා තිබේ. තරගයේ 55 වැනි විනාඩියේදී ඒංගලන්තය වෙනුවෙන් ගෝර්ඩන් ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ එංගලන්තයට ලබා දුන්නේය.
කෙසේ වෙතත් 85වැනි විනාඩියේදී ආජන්ටිනාව වෙනුවෙන් ෆර්නැන්ඩෙස් ගෝලයක් වාර්තා කරමින් තරගය සම කළේය. නැවතත් 92 වැනි විනාඩියේදී ක්රියාත්මක වූ මාටිනෙස් ආජන්ටිනාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා
කළේය. ඒ් අනුව තරගයේ ජය ගෝල 2-1ක් ලෙස ආජන්ටිනාවට හිමිවිය. ආජන්ටිනාව වෙනුවෙන් වාර්තා වූ ගෝල දෙකටම සහාය දක්වන ලද්දේ මෙසීය.
