අවුරුදු 14ක් තිස්සේ ජාතික පුහුණුකරුවෙකුත් නොමැතිව ලෝක කැරම් ශූරතාවලියේ අනුශූරතාව ලංකාවට
ඇමෙරිකාවේ පැවති 06 වන ලෝක කැරම් ශූරතා තරගාවලියේ දී අනුශූරතාව දිනා ගෙන රිදී පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කැරම් පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙක 11/23 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
මීට අමතරව ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමේ ෂයිඩ් හිල්මි සහ අනාස් අහමඩ් මෙන්ම හිරුෂි මල්ෂානි සහ තරුෂි හිමහංසිකා මෙම තරගාවලියේ දී කාන්තා සහ පිරිමි යුගළ තරග වලදී තුන් වන ස්ථානය හිමි කර ගෙන ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි .
මෙම තරගාවලිය ඇමෙරිකාවේ සෙන්ට් ප්රැන්සිස්කෝ ප්‍රාන්තයේ කැලිෆෝනියාවේ දී ඉකුත් 11/10 ත් 11/18 දින දක්වා ලෝකයේ රටවල් 18 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි.
මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස 11/23 දින රාත්‍රී 06.25 ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
2010 වසරේ සිට තම ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට ජාතික පුහුණුකරුවෙකු නොමැති බවත් , එනිසා ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම මහත් අසීරුතා වලට මුහුණ දී ඇති බවත් , ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමේ නායිකා යොෂිටා ජෝශප් , කටුනායක ගුවන් තොටුපොළේ දී මාධ්‍ය හමුවේ අනාවරණයක් ද කළාය .
මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස පිළිගැනීම සදහා ඔවුන්ගේ නෑදෑ හිතවතුන් ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිලධාරීන් , ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ නාවික හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

