ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය අද (29දා) පැවැත්වීමට නියමිතව තිබේ.
මෙහිදී පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම තරග වැදීමට නියමිතයි.
මෙම කණ්ඩායම් දෙකෙන් ජයග්රහණය කරන කණ්ඩායම ලබන ජූනි 03 වැනිදා පැවැත්වෙන් අයි.පී.එල්. අවසන් මහා තරගයට ඍජුවම සුදුසුකම් ලබා ගනු ඇත.
මෙම තරගයෙන් පරාජය වන කණ්ඩායම හෙට පැවැත්වෙන අවසන් වටයේ දෙවැනි තරගයෙන් ජයග්රහණය කර කණ්ඩායම සමග ලබන 01 වැනිදා තරගවැදීමට නියමිතව තිබේ.
ඒ අනුව එම තරගයෙන් ජයග්රහණය කරන කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
මේ අතර හෙට පැවැත්වෙන අවසන් වටයේ දෙවැනි තරගයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගවැදීමට නියමිතයි.
