ක්‍රිකට් ආයතනය තුළ පරිපාලනය ශක්තිමත් කිරීම හා බිම් මට්ටමේ ක්‍රිකට් දියුණු කිරීම යන අරමුණු දෙක මුල් කරගෙන ක්‍රිකට් පරිවර්තන කමිටුව කටයුතු කරන බව ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.
ව්‍යවස්ථාවේ සිට බිම් මට්ටම දක්වා වෙනස් කළ යුතුව ඇති බවද ඔහු පැවැසීය. මේ වෙනුවෙන් සිදුකරන සැලසුම් පිළිබඳව කථා නොකරන බවත් ඔහු පැවැසීය.
සියලු දෙනාගේ අදහස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් තමන් හිටපු මන්ත්‍රීවරයෙක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.