මෙවර ඉන්දීය ප්රීමියර් ලීග් කිරුළ තමන් සතු කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.ඒ අවසන් මහ තරගයේදී පංජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 6කින් පරාජය කරමිනි.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම කඩුලු 9ට ලකුණු 190ක් රැස් කළේය.පිළිතුරු ඉනිම ක්රීඩා කළ පංජාබ් කණ්ඩායමට පන්දුවාර 20කදී කඩුලු හතකට රැස් කළ හැකිවූයේ ලකුණු 184ක් පමණි.
රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම මෙවර අයි.පී.එල්. කිරුළ ජය ගත්තේ පළමු වතාවට වෙයි.
