ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම ඊයේ (01දා) සමත් විය.
එහිදී මුම්මබායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 05කින් පරාජයට පත් කිරීමට පංජාබ් කණ්ඩායම සමත් විය.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩාය පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 206ක් රැස් කිරීමට සමත්විය.
එහිදී සූරියකුමාර් යාදව් සහ තිලක් වර්මා ලකුණු 44 බැගින් රැස් කළහ.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 207ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රේයස් අයියර් පන්දු 41දී නොදැවී ලකුණු 87ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කරවීමට කටයුතු කළේය.
ඒ් අනුව හෙට (03දා) පැවැත්වෙන අයි.පී.එල්. අවසන් මහා තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමහ පංජාබ් කිංග්ස් කණ්ඩායම තරගවැදීමට නියමිතයි.