2025 අයි.පී.එල්. තරගාවලිය ලබන 17 වැනිදා නැවත ආරම්භ කරන බව ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව මෙම තරගාවලියේ ඉතිරි තරග 17 වැනිදා සිට ලබන ජූනි 03 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඉන්දු - පාකිස්ථාන ගැටුම් හේතුවෙන් පසුගියදා අයි.පී.එල්. තරගාවලිය අත්හිටුවීමට පියවර ගනු ලැබිණි.
ඒ අනුව 17 වැනිදා ආරම්භ වන තරගාවලියේ පළමු තරගය ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරගවැදීමට නියමිතව ඇත.