අංකල් පර්සි නැතිවීම අපි ඔක්කොටම පාඩුවක් මම දැකපු පළමු අව්‍යාජ ක්‍රිකට් රසිකයා ඔහු
තම ජීවිතයේ දැකපු පළමු අව්‍යාජ ක්‍රිකට් රසිකයා පර්සි අබේසේකර බවත් පසුගිය ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහු හමුවීමට ලැබුණ බවත් ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මා පවසයි.
ඉන්දු ශ්‍රී ලංකා තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
“පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලංකාවේදී ඔහු මට ඔහුව හමුවීමට ලැබුණා. ඒක වාසනාවන්ත දෙයක්. ඔහු ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් රසිකයෙක්.
තමන්ගේ කණ්ඩායමට අව්‍යාජ ලෙස සහාය දක්වන මට හමුවුණ ප්‍රථම රසිකයා ඔහු. 2005දී අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට ලංකාවට ආපු වෙලාවේ මම ඔහුව දැක්කා.
2008 වසරේදී මම ඉන්දීය කණ්ඩායමට ආපුවාම මම ඔහුව දකිනවා.
මට ඔහුගේ පවුලේ අය, පුතා, මුණුපුරා හමුවෙන්න ලැබුණා. ඔහුගේ පවුලේ උදවිය ගොඩක් හොඳ අය.
ඔහුගේ අභාවය ක්‍රිකට් වලට ලොකු පාඩුවක්. ඒ වෙලාවේදී මම දැකපු අංක එකේ ක්‍රිකට් රසිකයා ඔහු. දැන් රසිකයෝ ගොඩක් ඉන්නවා. එහෙත් මම දැකපු පළමු ක්‍රිකට් රසිකයා ඔහු. ඇත්තටම ඒක අපි ඔක්කොටම පාඩුවක්”

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

