www.ada.lk
2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා
ජාතික කණිෂ්ඨ ශූරතා කඩු හරඹ (ෆෙන්සින්) තරගාවලියේ වයස 19 න් පහළ අංශයේ බාලක මිශ්‍ර කණ්ඩායම් ශූරතාව දිනා ගැනිමට ගල්කිස්ස ශා.තෝමස් කණ්ඩායම සමත්විය. මෙම තරගාවලිය කොළඹ රාජකීය විදුහල් මාස් ඇරීනා බොක්සිං ක්රීඩාගාරයේදී නිමාවට පත්විය. එහි රිදී පදක්කම කොළඹ රාජකීය විදුහල් 'ඒ' කණ්ඩායම විසින් දිනා ගන්නාන ලදී. මෙහි ලෝකඩ පදක්කම ගලිකිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල හා මහවත්ත මහ විදුහල් 'ඒ' කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. මෙහි 19 න් පහළ බාලිකා අංශයේ රන් පදක්කම මොරටුව වේල්ස් කුමරි විදුහල විසින් දිනා ගන්නා ලද අතර මහනුවර මහවත්ත මහා විදුහල් කණ්ඩායම විසින් එහි රිදී පදක්කම දිනා ගත්තතේය. සාරානාත් විදුහල් කණ්ඩායම විසින් මෙහි ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී. මෙම තරගාවලිය 19 න් පහල හා 15 න් පහළ ලෙස වයස් කාණ්ඩ 2 ක් යටතේ පැවැත්විණි. එමෙන්ම තරගාවලියේ තරග අංශ 3 ක් (Saber, Foil, Epee) ලෙස කොටස් 3 ක් යටතේ පැවැත්විණි.
කණිෂ්ඨ අංශයේ තරග අවස්ථා කිහිපයක්
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
මධ්‍යම අධිවේගයේ කොන්ක්‍රීට් ආධාරකය කඩා වැටීමට හේතුව එළියට
ගාලු පාරට මුහුද ගොඩ ගලයි
ටෙස්ට් ක්‍රීඩක ගාස්තු සියයට 100කින් ඉහළට
සෙබලාගේ මෝල් ගස් ප්‍රහාරයෙන් පදියතලාව ඕ.අයි.සිට බරපතලයි
කොළ පාට අර්තාපල් කන්න එපා
නියම සැමියාට නිදි පෙති පොවා අනියම් සැමියා නිවසට ගෙන්වා ගත් බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd