රියෝ ඔලිම්පික් තරගාවලියේ මේ දක්වා පවත්වනු ලැබූ ඉසව්වලින් රන් පදක්කම් 11ක් හිමිකර ගනිමින් ඇමෙරිකාව පදක්කම් සටහනේ පෙරමුණට පැමිණ තිබේ. දෙවැනි ස්ථානයේ පසුවෙන් චීනය රන් පදක්කම් 10ක් හා තෙවැනි ස්ථානයේ පසුවෙන ජපානය රන් පදක්කම් 6ක් හිමිකරගෙන තිබේ.
මෙවර තරගාවලියේ තන ක්රීඩකයෙකු හෝ ක්රීඩිකාවක ලබාගත් වැඩිම රන් පදක්කම් ගණණයට හිමිකම් කියන ඇමෙරිකානු පිහිනුම් ක්රීඩිකා කැතී ලීඩෙකී රන් පදක්කම් තුනක් හා රිදී පදක්කමක් හිමිකර ගෙන තිබේ.
එහි දෙවැනි ස්ථානයේ පසුවෙන ඇමෙරිකාවේම මයිකල් පෙල්ප්ස් රන් පදක්කම් තුනක් හිමිකර ගෙන තිබේ.