ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2026 ඇසල මංගල්‍යයට කප් සිටුවීම ජූනි මස (01) වෙනි දින උදෑසන දේවාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
මෙවර ඇසල පෙරහැර ජූලි 15 ආරම්භ වේ. ජූලි මස 20 වෙනි දින බස්නායක නිලමේතුමාගේ වලව්වේ චාරිත්‍රානුකූලව දානමය පිංකමක් පැවැත්වෙන අතර එදින බස්නායක නිලමේවරයා ප්‍රථම වරට පෙරහැරේ ගමන් කිරීමට නියමිතය.ජූලි 26 වෙනි දින රාත්‍රී ගිනි පෑගීම (2026/07/27) අළුයම සිදු කෙරේ.අවසාන මහා පෙරහැර ජූලි 29 වෙනි දින පැවැත්වෙන අතර ජූලි 30 වෙනි දින මැණික් ගඟේ දිය කැපීමෙන් පසු උත්සව කටයුතු නිමාවට පත්වේ.
මෙවර ඇසල මංගල්‍යය අති උත්කර්ෂවත්ව පැවැත්වීමට බස්නායක නිලමේ තැන්පත් ආරච්චිගේ තිළිණ මධුසංඛ අබේරත්න මහතා කටයුතු යොදා ඇත.
මොනරාගල සුමනසිරි ගුණතිලක



