Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
නාකැලයක් මැදමිල්ලනියේ දාමින්ගමුවේ පුරාණ ශ්‍රී නාථ දේවාලය ආරම්භය රයිගම් රාජධානි යුගයේ බවට විශ්වාස කෙරන අතර, මෙහි ඉතිහාසය ක්‍රි.ව. 933 - 942 පමණ ඈත ඉතිහාසයකට උරුමකම් කියන බවට ශිලා ලේඛන සාක්ෂි දරයි.
වික්‍රමසිංහ සේනාධිපතිරගේ පුත්‍ර රත්නය වූ දොළොස්වෙල වික්‍රමසිංහ මහ නිලමෙට කොතලාවල නාමය ලැබීමද ඓතිහාසික නාථ දේවාලය හා බැඳේ. කුරුණෑගල රාජධානිය කරගෙන සිරිලක රජ වූ සතර වන පරාක්‍රමබාහු පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ යුගයේ ක්‍රිස්තු වර්ෂ 1302 - 1326 දළදා වහන්සේ පිළිබඳ හද පිරුණ භක්ත්‍යාදරයෙන් යුතු සැදැහැවත් බෞද්ධ නරපතියෙකු වූ පරාක්‍රමබාහු රජු 'දළදා සිරිත' නමින් සිංහල භාෂාවෙන් ග්‍රන්ථයක්ද රචනා කර සොලි රටින් විශාරද මහා ස්ථිවර නමක් ගෙන්වා ජාතක කතා පොත පාලියෙන් සිංහල භාෂාවට පෙරළා ප්‍රථම වරට පන්සිය පනස් ජාතික පොත පුස්කොළයේ ලියා සම්පාදනය කර රන් කරඬුවක තබා ඇතකු පිටින් නගරය පුරා ප්රදක්ෂිණා කළ බව ඉතිහාසය සඳහන්වේ.
වික්‍රමසිංහ සේනාධිපතිගේ පුත්‍ර රත්නය වූ දොළොස්වෙල වික්‍රමසිංහ මහා නිළමේට කොතලාවල නාමය ලැබීම රජුගේ විශේෂ සැලකිල්ලට ලක්වූ බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රදේශයේ වූ නාථ දේවාලයට පලඳවා තිබූ කොත කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් අනුව අතුරුදන් වී ඇත. මේ ගැන සොයා බැලූ රාජසේවකයන්ට දැකගැනීමට හැකිවුණේ එයට තරමක් නුදුරින් පිහිටි වළක මෙම රන්කොත දමා ඇති බවයි. එය ගෙනවිත් රජුට දුන් විට යළිත් නාථදේවාලයේ කොත සවි කෙරිණ.
එහෙත් යළිදු එය කොත ගලවාගෙන ගොස් පළමු වළේම දමා තිබෙනු දුටු පරාක්‍රමබාහු රජතුමා මේ යම් අමනුෂ්‍යය බලවේගයක් මත සිදුවන්නට ඇතැයි සැක කෙරිණ. ඒ දුටු දොළොස්වෙල වික්‍රමසිංහ නිලමේවරයා එය තමන් විසින් ඉටු කරන්න බව රජතුමාට පවසා වලේ තිබූ කොත ගෙන මන්තරයක් මතුරා ඔහු විසින්ම එය නාථ දෙවාලයෙහි පැලඳවීය. ඉන් පසු කොත කිසිවෙකු විසින් ගලවන්න එඩිතර වූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ කොතලාවල යන අර්ථයෙන් යුත් කොතලාවල නම් වූ ගෞරව නාමයද එම ගම්මානයම නින්දගම් කොට රජතුමා අතින්ම නිලමේට පුදකිරීමයි.
මේ අනුව කොතලාවල පරම්පරා ගණනාවක කතාව දිග හැරී පවති. (ශ්‍රී ලංකාවේ තුන්වැනි අග්‍රාමාත්‍යවරයා වූ ජෙනරාල් මහාමාන්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා සහ රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලය ග්‍රන්ථය පිටු අංක 32) මේ අනුව පැහැදිලි වන්නේ මෙත්බෝසත් වන්දනාව ක්‍රි.ව. 1302 සිට රයිගම් රාජධානිය තුළ පැවතුන බවත්, එදා දාමින්ගමුව කියා ගමක් වෙන්වි නොතිබුණ අතර, අද දාමින්ගමුව කියා වෙන්වී තිබෙන කොටසත් එදා කොළමැදිරියමවේ.
එදා අධ්‍යාපනය සඳහා පිහිටුවා තිබූ පිරිවෙන් ඉතාම උසස් තත්ත්වයේ පැවතින. වීදාගම රජමහා විහාරයේ පිහිටුවා තිබූ ඝනානන්ද පිරිවෙනද ඉන් එක් පිරිවෙනකි. මෙම පිරිවෙන ආරම්භය කුරුණෑගල හතර වැනි පරාක්‍රමබාහු රජ දවස විය හැකි බවට විශ්වාසයක් පවතින අතර, එහි අනුරාධපුර යුගයට අයත් නිර්මාණ පවතියි. පිරිවෙන් ගොඩනැගිල්ල විනාශවී ගියද එම භූමියේ සතර මායිමේ එදා රෝපණය කරන ලද බෝධි රුක්ෂයන් අදටද දක්නට ලැබේ. පුරාණ ගල්සන්නසකින් ලබාගත්තාවූ තොරතුරු අනුව තුන්වැනි සේන රජු විසින් රයිගමට නුදුරු අරුක්ගොඩ නමැති ගම තම රාජ හිතෛෂියෙකුට රාජාඥාවකින් ප්රදානය කළ බවට සඳහන් වේ.
ඉන්පසු වීර අලකේශ්වර ගැන සඳහන්වේ. පොළොන්නරුව යුගයේදී අලකේශ්වර නමින් කිහිප දෙනෙකු උසස් තනතුරු ලබා රයිගම් නිත්‍ය වාසභූමිය කරගත් බවට සාක්ෂි වේ. රාජාවලියේ සඳහන් කරුණු අනුව සුනේත්‍රා දේවි බිසව සිය සැමියා සතුරන් අතට පත්වීමෙන් පසු තම පුත් පැරකුම්බාවත් සමග ආරක්ෂාව පතා රයිගමට පැමිණ රැකවරණය ලැබූ බව පැවසේ. මෙම යුගයේ චෝල වංශික මේධංකර හිමි මහාවීදාගම හිමියන් ලෙස ඝනානන්ද පිරිවෙනේ ආධිපත්‍ය දරමින් වැඩ සිටින ලදී.
උන්වහන්සේ විසින් බිහි කළ ශිෂ්‍ය පිරිස මෙරට අද්විතීය තැනක් ගත්හ. එම උතුමන් අතරින් තොටගමුවේ ශ්‍රී රාහුල හිමි, දෙවැනි වීදාගම හිමි, වෑත්තෑවේ හිමි, හයවැනි පරාක්‍රමබාහු රජතුමා (සුනේත්‍රා දේවිගේ පුත්) සඳහන් කිරීමට හැකිය. මෙකල රයිගම ශ්‍රී සම්පත්තියෙන් සෞභාග්‍ය‘යෙන් පමණක් නොව ශාත්රලෝකයෙන්ද ඒකාලෝකව දීප්තියෙන් ප්රභාෂ්වරවූ අවධියකි. ලක්දිව සිංහල සාහිත්‍ය වංශයේ ස්වරණමය යුගයක්ද විය.
තවද රටට ප්‍රීතියක් ගෙනදුන් මහා පඬිවරු රැසක් වූ කෑරගල රජගුරුවන රතන හිමි, මංගල හිමි, වෑත්තෑවේ හිමි, ප්රමුඛත්වයෙහිලා සැලකුම් ලැබූවෝ වූහ. වීදාගම හිමියන්ගේ කෘතීන් අතර බුදුගුණ අලංකාරය, ලෝ වැඩ සඟරාව කවි, ලතුනු මිණි මල්දම, හංස සංදේශය උසස් තත්ත්වයේ පිහිටි කෘතීන් වේ. එදා රයිගම් රාජධානියේ පැවැති ශ්‍රී විභූතියට හා බෞද්ධ ආගමික ප්රබෝධය විද්‍යාමාන වන නෂ්ටාවශේෂයගෙන් හා අදටත් පරිශීලනය කරන කෘතීන් නිහඬව සාක්ෂිදරයි.
1412 දී පැරකුම්බා කුමරු හයවැනි ශ්‍රී පරාක්‍රමබාහු හැටියට රාජාභිෂේක ලැබ රයිගම සිය රාජධානිය කරගෙන ටික කලක් වාසය කර තිබේ. රජු අභිෂේක ලැබූවේ අදට පහතාවත්ත පන්සල ඉදිකර තිබෙන භූමි භාගයේ එදා ඉදිවී තිබුණ රජ මාලිගාවේදීය. පසුව කෝට්ටේ රාජධානියට ගිය රජු සතුරු ආක්රමිකයන් පලවා හැර රට එක්සේසත් කළේය. රාජාවලියේ ගෙන හැර දක්වා තිබෙන කරුණු අනුව හයවැනි පරාක්‍රමබාහු රජුට රජකම ලබාදෙන ලද්දේ වීදාගම මා හිමියන් විසිනි. රජුගේ මවු බිසවුන්ට පිං පිණිස රජු විසින් පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවන ඉදිකළ බවද ලංකා ඉතිහාසයෙහි සඳහන්ව ඇත.
මෙම යුගයේ සිද්ධස්ථාන විශාල ප්‍රමාණයක් රයිගම් රාජධානිය තුළ ගොඩනැගුන බවට ප්‍රමාණවත් පුරා විද්‍යාත්මක සාක්ෂි මගින්ද සොයාගෙන ඇත. ඉතිහාස කරුණු අනුව දාමින්ගමුව පුරාණ ශ්‍රී නාථ දේවාලය ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතියි. දේවාල භූමියේ තිබන්නා වූ නා ගස් වයසක් කිව නොහැක. මෙම රූක්ෂ නාගස් දේවාලයේ ඉතිහාසය නිහඬව කියාපායි. කෝට්ටේ හත්වැනි බුවනෙකබාහු රජු කාලයේදී වැඩිමහල් සොහොයුරාවූ පරරාජසිංහ යුව රජු මෙම යුව රජු පසුව රයිගම් බණ්ඩාර නමින් ප්‍රසිද්ධ වී මුළුමහත් රයිගම් කෝරළයත්, වළල්ලාවිට හා පස්දුන් කෝරළයත් රයිගම් බණ්ඩාර ආධිපත්‍යය යටතේ පාලනය කර තිබේ.
ප්‍රධාන වශයෙන් අලකේශ්වර පෙළපතේ ප්‍රභූවරුන් දහ දෙනෙකු ගැන පරණවිතාන මහතා සඳහන් කරයි. හයවැනි අලකේෂ්වර රයිගම් සිටි මණ්ඩලී රජුගේ දූ කුමාරිකාවක් සමග විවාහ වී පසුව රයිගම මාණ්ඩලික රජු ලෙස පත්විය. රයිගම් බණ්ඩාර රජුගේ ඇවෑමෙන් පසු ඔහුගේ සහෝදර සීතාවක මායාදුන්නේ මෙහිවූ වස්තූන් හා වෙනත් වටිනා දේ සීතාවකට ගෙනයෑමත් ඉන්පසු පැමිණි ඕලන්ද ජාතිකයන් විසින් දේවස්ථාන ගොඩනැගීම සඳහා ගල්කණු හා ගොඩනැගිලි ගලවා ගෙනගිය බවට විශ්වාසයයි.
සීතාවක රාජධානියට පක්ෂග්රාහී බව පෙන්වමින් ඉන්දියාවෙන් පැමිණි අරිට්ට කී වෙන්ඩු රජුව ශිව ආගමට හරවා ගනිමින් උපදේශකයකු ලෙස සිට රජුව රැවට්ටීමෙන් පසු මානපෙරුම යන පටබැඳි නමක්දී රයිගම පිහිටි කොලමැදිරිය ගම සන්නසක මගින් බාරදුන් බවට සඳහන් වේ. ක්‍රමයෙන් රයිගම් රාජධානිය පරිහානිය කරා ගමන් කරන්නට විය. එදා ගෙඩනැගුන වෙහෙර විහාර විනාශ මුඛයට ඇද දැමූ පරදේශක්කාරයෝ තම ආගම පැතිරවීමට නිරන්තරයෙන්ම උත්සාහ ගත්හ.
පෙර රජදවස බෞද්ධ ආගම පරසතුරු උවදුරුවලින් බේරාගැනීමට හා බෞද්ධ සිද්ධස්ථාන නගාසිටුවීමටත් රට වැසියාට ගොවිතැන් බත් කිරීම සඳහා කලට වේලාවට වැසි ලැබී භව බෝග සරු කරගැනීමටත් දෙවියන් උදෙසා පුදසත්කාර කර පිහිට පැතූ බවට ඉතිහාසයෙහි සඳහන්වේ. වෙසසින්ම නාථ දෙවියන්ගේ ආශීර්වාද පිහිට පතා නාථ දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වූහ.
සුදුසු කල්හි වැසි වැස්සවීම වනාහි එකල රජ කෙනෙකුගෙන් රට වැසියන් බලාපොරොත්තු වූ ඉතා වැදගත් කාර්යභාරයකි. දළදා වහන්නේ අයිති රජ කෙනෙකුට මෙම කාර්යය ඉටුකළ හැකි යැයි රට වැසියෝ කල්පනා කළහ. එහෙත් එකල රජවරු දළදා වහන්සේගෙන්ම පමණක් මේ කාර්යය ඉටු කරගන්න බලාපොරොත්තු නොවීය. ඔහු වෙනත් උපායද දැන සිටියේය. දෙවැනි පරාක්‍රමබාහු රජ සමයේදී මහා නියඟයක් හේතුවෙන් කෙත්වතු පාළු වී සාගතයක ලකුණු පහළ වූ කල්හි ඉහත සඳහන් පරිද්දෙන් දළදා පෙරහරක් පැවැත්වීමට අමතරව තුණුරුවන් හා චෛත්‍ය බෝධියටත් මහා සමෘද්ධි බල සහිත නාථ මෛත්‍රී බෝසත් දෙවියන්ට පූජාවක් කරන ලෙස රජතුමා අණ කළේය.
කළුතර දිස්ත්‍රික්කයේ වර්ෂ දහස් ගණනකට පෙර ස්වාභාවිකව පිහිටි නා උයනයක් ලෙසට නාථ දේවාල භූමිය අදටත් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වන මෙසුවා නාගසාරිම් (Mesua Nagassurium) යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන නා ගස විහාරස්ථාන දේවාල ගොඩනැගීමේදී බහුලව භාවිතයට ගනු ලැබේ. ඉතාම ශක්තිමත් වටිනා දැව වර්ගයක් ලෙසටද නා ලිය හඳුන්වනු ලැබේ.
ඉතිහාසයේ විවිධ සතුරු ආක්රමණවලට ලක්වූ දේවාලය එහි වැඩ හින්දවා තිබු පොළොන්නරු යුගයට අයත් ලෝකඩ නාථ දේව ප්‍රතිමාව දේවාලයට හානිවීමෙන් පසු දේවාල භූමියේ පිහිටා තිබුණ බෝගසක තැන්පත් කර තිබු බවත්, එම ප්‍රතිමාව ඉදිරියෙන් දිනපතාම සවසට පහන් සිලුවක් දැල්වෙන බවත්, එය කිසිවකු විසින් දල්වන්නක් නොව ඉබේ දැල්වෙන්නක් බව දුටු පැරැන්නෝ දේවාලය පිළිසකර කර නැවත ප්‍රතිමාව දේවාලයේ තැන්පත් කර සතුරු ආක්රමණවලින් දේවාලය ආරක්ෂා කරගත්හ.
නාථ දේවාලයේ ඍද්ධි වන දේව ආභරණ තිබෙන බවත්, එමනිසා මෙහි පත්තිනි දෙවියන් වෙනුවෙන් කරන දේව කන්නලව්ද සිදුකළ බවට සඳහන්වේ. අදටද එලෙසම එය සිදුකරනු ලැබේ. දේවාභරණවල ආරක්ෂාවට පැමිණෙන නාගයින් එකාපස එකා පැමිණ දේවාල භූමියේ වෙල අද්දර විල්තෙරට පැන බොහෝ වේලාවක් දියේ පීනා නා කැලය දෙසට ඇදී යන බව පැරැන්නෝ සඳහන් කරති. අදටද දේවාල භූමියේ නාගයෝ සිටිති. මෙම සතුන් වන්දනාමාන කරන්න එන කිසිවෙකුටත් හානි නොකරයි.
මෙම දේවාලයට කිසිම අයෙකුට හානියක් සිදු කළ නොහැකි අතර, එසේ සිදු කළහොත් ඔහුට දඬුවම් අත්විඳීමට සිදුවන බව පැරැන්නන්ගේ අදහසයි. පෞරාණික මෙත් බෝසත් දේවාලය පිළිබඳ පැරණි ගැමියන්ගෙන් පරම්පරා ගතව සඳහන් වන්නා වූ කරුණු අනුව මහානුභාව සම්පන්න දේවාලයක් බවට පුරාණයේ සිටම පැවත එන්නාවූ මතය අදටද මෙහි පවතින්නා වූ අනුහස් බලය නිසා සත්‍ය බවට සනාථ වේ.
පෞරාණික බෝධීන් වහන්සේත් බුද්ධ මන්දරයත් වන්දනාමාන කරන බැතිමතුන් මතු බුදුබව ලබන්නා වූ නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ වෙනුවෙන් ඉදිවී තිබෙන පෞරාණික දේව මන්දිරයට පැමිණ නාථ දිව්‍ය රාජාත්තෝමයාණන් වහන්සේගේ ප්රතිමාවත් එහි වැඩ ඉන්දවා තිබෙන ඉපැරණි විෂ්ණු දිව්‍ය රජෝත්තමයාණන් වහන්සේගේ ප්රතිමාවත් කතරගම දිව්‍ය රාජෝත්තයාණන් වහන්සේගේ ප්රතිමාවත් නොමදව වන්දනා කරන්නන්ට පවුලේ දියුණුව හා ඇති වන්නාවූ ලෙඩ දුක් සුවපත් වී ආශීර්වාද ලබාගත හැකි බව පුරාණයේ සිට මේ දක්වා පැවැත එයි.
ගම්බාර දේවතාවන් වහන්සේ නා කැලයත් දේවාලයත් ආරක්ෂා කරමින් මෙහි වැඩ සිටින බැවින් බොහෝ ජනීජනයා ගම්භාර දේවතාවන් වෙනුවෙන් පුද පූජා පවත්වති. ජනප්‍රවාද කතා අනුව විස්මයට පත්වන සිද්ධීන් ගම්භාර දේවතාවුන් වහන්සේ ගැන අසන්නට ලැබේ. ඓතිහාසික දේවාලයේ පුරාණයේ සිට සෑම වර්ෂයක් පාසාම මතු බුදුබව පතා එන නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව පතා දහස් සංඛ්‍යාවකට දේවදානය ලබාදී එදින රාත්‍රී පත්තිනි මෑණියන් හා දේව මණ්ඩලය උදෙසා දෙවොල් මඩු මංගල්‍ය පවත්වා ගම්භාර දේවතාවුන් වහන්සේ ඇතුළු දේව මණ්ඩලයට පිං අනුමෝදන් කර දෙවියන් උදෙසා පඬුරු බාරහාර ඔප්පු කිරීමෙන් අනතුරුව කිරි උතුරුවා ශ්‍රී ලාංකාවාසී සැමට ආශීර්වාද කර වාර්ෂික උත්සවය අවසන් කරයි.
නා අරණක් මැද පිහිටා තිබෙන පෞරාණික නාථ දේවාලයේ අප්‍රේල් මාසයේ පවත්වන්නා වූ දේව දානයත් දෙවොල් මඩු ශාන්ති කර්මයත් සඳහා ප්‍ර‘දේශවාසීන්ගෙන් හා දේවාලයෙන් ආශීර්වාද ලබාගන්නා වූ විවිධ ප්‍රදේශවල දායක දායිකාවන්ගේ දායකත්වය ලබාදෙන අතර, වැඩිහිටියන්ගේ සිට කුඩා දරුවන් දක්වා දේවදානය අනුභව කිරීමට රුචිකත්වයක් දක්වති. නාථ දෙවියන් උදෙසා පිළිගැන්වීමෙන් පසුව ලබාදෙන දානය අනුභව කිරීමෙන් ලෙඩ දුක් සුවවී තමාට එය ආශීර්වාදයක් වන බවට පුරාණයේ සිටම පවතින විශ්වාසය අදටද සත්‍යයක් බැවින් බොහෝදෙනා දේවදානයට නන් අයුරින් දායක වී දේවදානය අනුභව කිරීමටද සහභාගි වෙති.
එම අසිරිමත් උත්සවය මේ වර්ෂයේ අප්‍රේල් මස 08, 09 යන දෙදින තුළ පැවැත්වන අතර, දේවදානය 09 වැනිදා පෙරවරු පහේ සිට ලබාදීමට නියමිතය.
මහත් ඍද්ධි සම්පන්න මෙම නාථ දේවාලයෙහි දේව දානය සඳහා ඔබත් හැකි පමණින් දායකවී එහි ආශීර්වාදය ලබාගැනීමට හැකියාව පවතියි. මේ වනවිට දේවාලයේ කොටසක් ප්‍රදේශවාසීන්ගේ හා රජයෙන් ලබාදුන් අනුග්‍රහයෙන් අලුත්වැඩියා කළද දේවාලයේ ඉදිරි පැවැත්මට අලුත්වැඩියා කළ යුතු කොටස් කිහිපයක් ඇති බැවින් මේ සඳහා අවශ්‍ය ලී දඬු හා හුණු පිලියම් කිරීමට අවශ්‍ය ද්‍රව්‍යවලින් දායකත්වයක් දරා පෞරාණික සිද්ධස්ථානයේ ඉදිරි පැවැත්මේ කොටස්කරුවෙකු විය හැකිය.
එපමණක් නොව, නාථ දෙවියන් උදෙසා පවත්වන ආලෝක පූජාව අප්‍රේල් මාසයේ උත්සව සමයේ දින දෙකක් පවත්වන අතර, බුදු මැදුර, බෝ මළුව, පුරාණ නාථ දේවාලය, ගම්බාර දේවාලය ඇතුළුව දේවාල භූමිය ආලෝකමත් කිරීමට ඔබද දායකවන්න.
මිල්ලනියේ එච්.නන්දන ලාල් පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd